ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේදී, ඔබගේ බැංකු කාඩ්පතේ එම පහසුකම activate කර ඇත්දැයි තහවුරු කරගන්න. මේ සඳහා ඔබට අදාල බැංකුවට ඇමතීමෙන් සහාය ලබාගත හැකිය. දෙමාපියන්ගේ සහයෝගය ඇතිව මෙම අන්තර්ජාල ගෙවීම් පහසුකම භාවිතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. අන්තර්ජාල ගෙවීම් සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් අපව ඇමතීමේදී දෙමාපියන් හරහා ඇමතීමට කාරුණික වන්න.

පියවර 01

අවශ්‍යය විෂය තෝරාගෙන පහත දැක්වෙන පරිදි "PAY NOW" button එක click කරන්න.


පියවර 02

ඔබ තෝරාගත් විෂය, ගාස්තුව සහ ඔබගේ පෞද්ගලික තොරතුරු නිවැරදි දැයි පරීක්ෂා කර බලන්න. ඉන්පසුව "PAY NOW" button එක click කරන්න. (රූපය පහත දැක්වේ.)


පියවර 03

ඔබ මුදල් ගෙවීමට කැමති ආකාරය තෝරාගන්න. මේ සඳහා ඔබට වීසා, මාස්ටර්, අමෙරිකන් එක්ස්ප්‍රස්, ඩිස්කවර්, ඩයිනර්ස් ක්ලබ් යන වර්ග වලට අයත් ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් භාවිතා කල හැක. මීට අමතරව, Dialog ez cash, Frimi, Genie යන ක්‍රම සහ සම්පත් විශ්ව Online Banking පහසුකම තෝරාගත හැකිය.






පියවර 04 - ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් භාවිතා කරන්නේ නම්,

ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් භාවිතා කරන්නේ නම්, ඔබගේ බැංකු කාඩ් පතට අදාලව, පහත තොරතුරු සම්පූර්ණ කරන්න.



පියවර 05

ඔබ ඇතුලත් කල තොරතුරු නිවැරදි බව දැක්වෙන කොළ පැහැති සලකුණ text field එකට දකුණු පසින් දිස්වේ. සියලු තොරතුරු ඇතුලත් කර අවසාන වූ පසු කහ පැහැති "PAY" button එක click කරන්න.


පියවර 06

දැන් ඔබගේ බැංකුවෙන්, මුදල් ගෙවීම සම්පූර්ණ කිරීම සඳහා භාවිතා කලයුතු වන, එක් වරකට පමණක් වළංගු OTP අංකයක් ඔබගේ ජංගම දුරකථනය වෙත SMS මාර්ගයෙන් ලබා දෙනු ඇත. එය ඇතුළත් කරන්න. (මෙම OTP අංකය ලැබෙන දුරකථන අංකය, ඔබගේ බැංකු ගිණුම සඳහා අදාල කටයුතු වලට ඔබ විසින් බැංකුවට ලබා දී ඇති දුරකථන අංකය වේ. තව දුරටත් එම දුරකථන අංකය ඔබ සතුව නොමැති නම්, අදාල බැංකුව ඇමතීමෙන් ගැටලුව නිරාකරණය කරගත හැකිය.)


පියවර 07

OTP අංකය ඇතුලත් කිරීමෙන් අනතුරුව "SUBMIT" button එක click කරන්න. ඔබට OTP අංකය නොලැබී ගියේ නම්, මිනිත්තු කිහිපයකින් පසුව "OTP Resend" button එක click කරන්න.


පියවර 08

ගෙවීම සාර්ථක වූ පසු පහත දැක්වෙන තිරය ඔබට දිස්වනු ඇත.


පියවර 09

"GO TO HOME" button එක click කිරීම මගින් නැවත ඔබට මුල් පිටුවට පිවිසිය හැක.


පියවර 10

"GO TO HOME" button එක click කිරීම මගින් නැවත ඔබට මුල් පිටුවට පිවිසිය හැක.